2020 වසරේ චීනයේ රැකියා නියුක්තිය අපේක්ෂිත මට්ටම ඉක්මවා ගොස් වාර්ෂික ඉලක්කය සාක්ෂාත් කර තිබේ. එම වසරේ චීනයේ නගර හා උපනගරවල අලුතින් බිහිවූ රැකියා නියුක්තිකයින් සංඛ්‍යාව මිලියන 11.86කි. එය මිලියන 9ක නියමිත ඉලක්කය ඉක්මවා යාමකි.
මේ වසරේ රැකියා නියුක්තිය ස්ථාවර මට්ටමක රදවා ගනිමින් රැකියා අවස්ථා පුළුල් කිරීම ප්‍රධාන කාර්යයයි. විශ්වවිද්‍යාල උපාධිධාරීන් හා සංක්‍රමණික කම්කරුවන් ඇතුළු පිරිස්වල රැකියා නියුක්තිය කෙරෙහි වැඩි අවධානය යොමු කෙරේ.
බරපතල රැකියා ගැටලු ඇති පිරිස් ගැනද චීන රජයේ වැඩි සැලකිල්ලට යොමුව තිබෙනවා.