හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලට 10 වසරක් පිරීමේ උත්සවයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අගමැතිතුමා එක් වුණා. දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමාද කිරීමට හෝ ආපස්සට ගැනීමට ඉඩ දිය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.
ද්විතීක පාසල් දහසක් රට පුරා ආරම්භ කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ එවකට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙනුයි හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල ආරම්භ කෙරුණේ. එම විදුහලට දස වසරක් පිරීමේ උත්සවය පැවැත්වුණේ ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය ගාමිණී ලොකුගේ,රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්.
මහාසංඝරත්නය ද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවය ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ පාසල ආරම්භ කර ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන හා විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් දස්කම් දක්වන්න මේ සිසුන්ට හැකි වී ඇති බවයි.