fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණ කාන්තා ව්‍යවසායිකාවන් 25000ක් ඉලක්ක කර ගනිමින් ගෘහස්ත වෙළෙඳසැල් ජාලයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2021 16:57

තරුණ කාන්තා ව්‍යවසායිකාවන් 25000ක් ඉලක්ක කර ගනිමින් ගෘහස්ත වෙළෙඳසැල් ජාලයක්

තරුණ කාන්තා ව්‍යවසායිකාවන් විසිපන්දහසක් ඉලක්ක කර ගනිමින් ගෘහස්ත වෙළෙදසැල් ජාලයක් රටපුරා පිහිටුවන බව ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලස්ථාන කලමනාකරුවන් සහ සමාජ සංවර්ධන අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට අරලියගහ මන්දිරයේ දී පැවති එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

සමෘද්ධි පවුල් අතරින් කාන්තා ව්‍යවසායිකාවන් විසිපන්දහසක් තෝරා ගැනීම සිදුවනවා. සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සදහා ගෘහ නේවාසික ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ගම සමග පිළිසදරක් වැඩසටහනට සමගාමී ලෙස ගම්මාන පන්දහසක් සංවර්ධනය කිරීමට ද යෝජිත බව බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියා. සුන්දර ගමක් නම් මෙම වැඩසටහන යටතේ සියයට 7 ක වාර්ෂික පොලියක් යටතේ ණය පහසුකම් සැපයීමට කටයුතු කෙරෙනවා. දරිද්‍රතාව තුරන් කිරීමේ වැඩපිළිවෙලේදී සමෘද්ධි නිලධාරීන් සෑම අංශයකින්ම මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බවයි බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ. නිවාස නොමැති ජනාතවට නිවාස ලබා දීම මෙන්ම කාන්තාවන් හා ළමුන් මුහුණ දෙන මානසික ගැටලු අවම කිරීම සදහා වැඩපිළිවලෙක්ද සකස් කර තිබෙනවා. දුම්වැටි හා මත්ද්‍රව්‍ය නිසා සිදුවන සමාජීය බිදවැටීම වැළැක්වීමට ද යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවයි බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 20, 2021 16:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්