ඊටීඅයි අධ්යක්ෂවරුන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත් හෙට දිනයේදී සළකා බැලීමට නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම පෙත්සම් ගොනු කර තිබුණේ.
කරුණු තහවුරු කර ගැනීම සදහා අදාළ පෙත්සම් හෙට දිනයේදී කැදවන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ඊටීඅයි අධ්යක්ෂවරුන් හතර දෙනායි මෙම ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන්නේ.