ප්රදේශ කිහිපයක මඤ්ඤොක්කා වගාවට කොළ කොඩවීමේ රෝගයකින් හානි පැමිණෙන බව වාර්තා වනවා.
මඤ්ඤොක්කා කෙළ හැකිලී ගස් වැඩීම බාලවීම මෙම රෝගයයි. කුඩා මැස්සන් විශේෂයක් හේතුවෙන් මෙම රෝගය හට ගන්නා බවයි ගොවීන් පවසන්නේ. මොණරාගල ප්රදේශයෙන් මීට පෙර වාර්තා වු මෙම රෝගය ගොඩකවෙල ප්රදේශයේ මඤ්ඤොක්කා වගාබිම්වලටද පැතිර ගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. රෝගය වැළදුන් මඤ්ඤොක්කා ගස්වල අල බැසීම සිදුවන්නේ නැති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. කොතෙක් තෙල් බෙහෙත් ඉස්සද අක්කර සිය ගණනක මඤ්ඤොක්කා වගාවට මේ තුලින් හානි සිදුව ඇති බව ගොවීන් පවසනවා. ගොඩකවෙල ප්රදේශයේ ගල්පාය,එළඹුගහ අතුරගම, තාලිගමයාය, ගුරුමඩයාය, පනකඩුව ආදී ගම්මානවලට මෙම තත්ත්වය වඩාත් බලපා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් කොතෙක් දැනුවත් කළද ඔවුන් ඒ පිළිබද අවධානය යොමු නොකරන බවට මෙම මඤ්ඤොක්කා ගොවීන් චෝදනා කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GnJJHhz2Gig”]