තමන් නිෂ්පාදනය කළ දෙවැනි කෝවිඩ් එන්නත 100%ක් සාර්ථක බව රුසියාව පවසනවා.
සායනික පරික්ෂණවලින් පසු මෙය තහවුරු වූ බවයි රුසියා බලධාරීන් සඳහන් කළා. එපි බැක් කොරෝනා නම් මෙම රුසියා කෝවිඩ් එන්නත පසුගිය වසරේ නොවැම්බර් මස සිට ජනතාවට ලබා දෙමින් අත්හදා බැලීම් සිදු කෙරුණා. ලබන මාසයේදී එන්නත එළිදැක්වීමට නියමිතයි. සයිබීරියාවේ වෙක්ටර් ආයතනයයි එන්නත නිෂ්පාදනය කර ඇත්තේ. මීට පෙර නිෂ්පාදනය කෙරුණු ස්පුට්නික් වී එන්නත ද 92%ක සාර්ථකත්වයක් පෙන්නුම කළ බව රුසියා බලධාරීන් සඳහන් කළා. එම එන්නත ඉන්දියාව , ඊජිප්තුව , වෙනිසියුලාව ඇතුළු රටවල් රැසකට මේ වන විටත් යවා තිබෙනවා.