කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 669 දෙනෙකු ඊයේ (19) දිනයේ හදුනාගත්තා.
ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 669 දෙනාගෙන් 660 දෙනෙකුම දේශීයව හදුනාගත් පුද්ගලයින්. 9 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරන්නේ.
ඊයේ හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙනුයි. එම සංඛ්‍යාව 130ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 104 දෙනෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 60 දෙනෙකු ආසාදිතයින් ලෙස ඊයේ දිනයේදී හදුනාගැනුණා.
මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 366 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
මේ අතර කොරෝනා ආසාදිත රෝගීන් තුන් දෙනෙකු මිය යාමත් සමග මරණ සංඛ්‍යාව 273 ක් දක්වා ඉහළ ගියා.
අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇගලුම් කම්හල සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලට සම්බන්ධ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිත සංඛ්‍යාව පනස් දහස් පන්සිය තිස්නවයක්. ඉන් පුද්ගලයින් හතලිස් හතර දහස් හාරසිය අනූහය දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 54419ක්. 7552 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව46594ක්.