ඇමෙරිකා නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම්දීමට සමගාමීව වොෂින්ටනයේ ආරක්ෂාව තර කර තිබෙනවා.
ජෝ බයිඩන් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස අද දිවුරුම්දීමට නියමිතයි. ඊට සමගාමීව ආරක්ෂක භටයින් 25,000 ක් යොදා වොෂිංටනයේ ආරක්ෂාව තර කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ආරක්ෂිත ක්රියාමාර්ගයක් ලෙස වොෂින්ටන් නුවර ඇතැම් කඩසාප්පු වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා. කලහකාරී සිද්ධියක් ඇති වීමට කිසිඳු ඉඩකඩක් නැති බවයි වොෂීන්ටන් නගරාධිපතිවරයා පවසන්නේ. බයිඩ්න්ගේ දිවුරුම්දීමට සමගාමීව ඩොනල්ඩ් ට්රම්ප්ගේ සමුගැනීම ද අද සිදු වනවා.