සෙවණගල සීනි කම්හලේ නව උක් ඇඹරුම් වාරය ඊයේ ආරම්භ වුණා. ඒ රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙක්ටාර 3400 ක වගා කර ඇති උක් ගස් දෙලක්ෂ අසූ දහසක අස්වැන්න අඹරා සීනි නිෂ්පාදනය මෙලෙස ආරම්භ වුණා. සීනි මෙට්ට්‍රික් ටොන් දහ නව දහසක් මෙමගින් නිෂ්පාදනය කිරීමයි අපේක්ෂාව.
කම්හලට උක් ගස් සපයන ගොවි පවුල් 3700 ක් සහ උක් ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් හිමියන් ඇතුලු විශාල පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා. අබලන්ව තිබී අලුත්වැඩියා කළ නිල නිවාස හතරක් නිලධාරීන්ට බාර දීම සහ පැල රෝපණයක් ද රාජ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. ස්ථාන 4 ක පොහොර ගබඩා ඉදි කිරීමේ කටයුතු ද ආරම්භ කෙරුණා.