සතොස මෝටර්ස් ආයතනයේ නවතම ශාඛාව මීගමුව ප්රදේශයේ දී පසුගියදා පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘත කෙරුණා.
සතොස මෝටර්ස් ආයතනයේ හත්වන ශාඛාව ලෙස 231 නලල්ලවත්ත ස්ථානයේයි මෙය විවෘත කෙරුණේ. ඒ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්. එම ආයතනයේ විධායක අධ්යක්ෂ මොහාන් ජයසූරිය විධායක අධ්යක්ෂ වෙළද ප්රියන්ත පෙරේරා සහ ඉටොචු සමාගමේ විධායක අධ්යක්ෂ අකීරා මක්සුයි ඉමචු මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ගුණාත්මක බවින් ඉහළ රථ වාහන අමතර කොටස් ලබා ගැනීමට මෙහීදි පාරිභෝගිකයන්ට හැකියාව උදා වනවා.