ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් ක්රිකට් තරගයෙන් ශ්රී ලංකා පිළ පරදා සංචාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 7 ක ජයක් ලබා ගෙන තිබෙනවා.
ශ්රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 135 ක් හා දෙවනි ඉනිම වෙනුවෙන් ලකුණු 359 ක් රැස් කළා. එංගලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 421 ක් රැස් කළ අතර දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 76 ක් රැස්කර ගනිමින් ජයග්රහණය සනිටුහන් කිරීමට සමත්වුණා.
පළමු ඉනිමේදී අසාර්ථක පිතිහරඹයක නිරත වීම නිසා ශ්රී ලංකා කණ්ඩායමට මෙම තරගය මුළුල්ලේම ශක්තිමත් අඩියකට පැමිණීමට හැකිවුණේ නැහැ. පසුගිය කාලය තුළදී අතිශය සාර්ථකත්වයක් පෙන්නුම් කළ එංගලන්ත කණ්ඩායම විදේශයන් හි ක්රීඩා කළ ටෙස්ට් ක්රිකට් තරග 4 ම ජයග්රහණය කිරීමට සමත් වුණා. 2020 වසරේදී දකුණු අප්රිකාවේ සිදු කළ සංචාරයේදී ටෙස්ට් තරග 3 ක ජය හිමි වූයේ ද එංගලන්ත කණ්ඩායමටයි.