කොළඹ කොටස් වෙළෙදපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද වාර්තා වුණා.
දිනයේ ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 7922 යි දශම හයයි හයක් ලෙසයි සටහන් වුණේ. එය පෙරදිනට සාපේක්ෂව ඒකක 188 යි දශම බින්දුවයි නවයක ඉහළ යාමක්. මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය වාර්තා වුණේ 2011 වසරේ පෙබරවාරි මස 14 වනදායි. ඒ ඒකක 7811 යි දශම 8 ක් ලෙසයි. අද දිනයේදී රුපියල් බිලියන 12 යි දශම එකයි අටක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වුණා. අද දිනයේදී කොටස් ගනුදෙනු 67000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වුණා. එය මෙතෙක් ඉතිහාසයේ තනි දිනයක් තුළ සිදුවූ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවයි.