උතුරු කොරියා නායක කිම් ජොන් උන් පාලක පක්ෂයේ මහලේකම්වරයා ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරා පාලක පක්ෂයේ පක්ෂ සම්මේලනය පැවැත්වෙන අතර එහිදීයි උතුරු කොරියා නායකයා මහලේකම් ධූරය සදහා තෝරා පත් කර ගත්තේ. කිම් ජොන් උන්ගේ පියා වන කිම් ජොන් ඉල් මීට පෙර එම තනතුර හෙබ වූ අතර 2011 වසරේ ඔහුගේ අභාවයෙන් පසු ඔහු සදාතනික මහලේකම් ලෙස ද කිම් ජොන් උන් පක්ෂ ලේකම් ලෙසද පත්කරනු ලැබුවා. පියොං යැං ජනතාව නව මහලේකම්වරයාගේ පත්වීම සජීවීව රූපවාහිනිය මගින් නරඹන ආකාරය උතුරු කොරියා මාධ්‍ය වාර්තා කර සිටියා. මහ ලේකම් තනතුර සදහා කිම් ජොන් උන්ගේ නම ඒකමතිකව සම්මත වී ඇති අතර රට තුළ විප්ලවීය වෙනසක් සිදු කිරීම සදහා උතුරු කොරියා නායකයා සතු හැකියාව මෙම තනතුර ලබාදීමට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.