පොලිස් වසමක් තුළ නිරෝධායන හුදෙකලා කිරීමේ නියෝගය තවමත් පවතින්නේ කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ හුදෙකලා තත්ත්වය සති 4 ක පමණ කාලයක සිට ක්‍රියාත්මක වනවා. මෙම පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයන් තුන්දහස් හාරසිය හැටනව දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණවලට ලක් කෙරුණා. තවත් පුද්ගලයන් 190 දෙනෙකුට පී සී ආර් පරික්ෂණ සිදුකෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ. මෙම පරික්ෂණවලින් ආසාදිතයන් 178 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.