වන අලි ගැටලුවට කඩිනම් විසදුම් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
හම්බන්තොට අද පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ ප්‍රදේශ ගැසට් වීම අනිවාර්යෙන් සිදු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළා. ඉදිරි මාස 2 ඇතුළත එය සිදුකරන බවයි ඒමහතා පැවසුවේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/uHbRfC8sYwg”]