ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා වයිරසයට එරෙහි එන්නත් දෙකක් භාවිත කිරීමට බ්‍රසීල රජය අනුමැතිය ලබා දී තිබෙනවා.
හදිසි අවස්ථාවක් ලෙස සළකා වයිරසයට එරෙහි එන්නත් භාවිතයට අවසර ලබා දුන් බවයි බ්‍රසීල සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. චීනයේ නිෂ්පාදිත සිනොවැක් හා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා එන්නත් භාවිතය සඳහායි මෙම අවසරය හිමිව ඇත්තේ. ඒ අනුව චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත ලබා ගත් පළමුවැන්නා බවට සාවෝ පොලෝ නගරයේ 54 හැවිරිදි හෙදියක් පත් වුණා. ජනාධිපති ජේර් බොල්සොනාරෝ වයිරසයට එරෙහි එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට බ්‍රසීලයේ වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ අසූපහකට ආසන්න වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා.