පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසකට කොරෝනා ආසාදනය වීමත් සමඟ පසුගිය 13 හා 15 යන දිනවලදි පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ PCR පරීක්ෂණ සිදුකෙරුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිස් දෙදෙනෙකු , කාර්ය මණ්ඩලය , අනෙකුත් කාර්යාංශ සහ අනුබද්ධිත කාර්යාංශ හා ආරක්ෂක අංශවලට අයත් 911 දෙනෙකු ඇතුලු 943 දෙනෙකු පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. එම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මන්ත්‍රීවරුන් කිසිවෙකු ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට හා අනෙකුත් කාර්යාංශවලට අයත් 5 දෙනෙකු ද ආරක්ෂක අංශයේ එක් අයෙකු හා පාර්ලමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයේ 3 දෙනෙකු වශයෙන් 9 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනා ගැනුණා. පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජහරණයට ලක්කර ඇති අතර කිසිදු කාර්යාලයක් වසා දමා නොමැති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.
මේ අතර දළදා මාලිගයේ ආරක්ෂක අංශයේ 29 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් 236 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.