එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 04 වන දිනය අද අවසන් වෙයි.
දිනය අවසන් වන විට සිය දෙවෙනි ඉනිම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින එංගලන්ත කණ්ඩාම කඩුළු 03 ක් දැවී ලකුණු 38 ක් රැස් කරගෙන සිටියා.
තරගය ජයග්‍රහණය කිරීම සදහා එංගලන්ත කණ්ඩාමයට කඩුළු 07 ක් අතැතිව තවත් ලබාගැනීමට ඇත්තේ ලකුණු 36 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 135 ක් සහ දෙවෙනි ඉනිම වෙනුවෙන් ලකුණු 359 ක් රැස් කළා. පීළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම මුල් ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 421 ක් ලබාගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේදී ක්රීඩකයකුට ලබා ගැනීමට හැකි වූ උපරිම සංඛ්‍යාව වූ ලකුණු 28 රැස් කළේ නායක දිනේෂ් චන්දිමාල්. දෙවන ඉනිමේ දී සාර්ථකත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 359 ක් කරා යොමු වූයේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නගේ ලකුණු 111 ක විශිෂ්ඨ ඉනිමත් සමගයි. ඇන්ජලෝ මැතිව්ස්, ලකුණු 71 යි. කුසල් පෙරේරා ලකුණු 62 යි. අද පන්දු යැවීමේදී සාර්ථකත්වයක් පෙන්නුම් කළ ලසිත් ඇඹුල්දෙනිය කඩුළු 02 ක් දවා ගැනීමට සමත් වුණා.