ජනපති ගම සමග පිළිසදර වැඩසටහනෙන් හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සකස් කිරීම සදහා ඊයේ දිනයේ ලබාදුන් උපදෙස පැය 24 ක් යාමටත් පෙර ක්‍රියාත්මක වී තිබෙනවා.
ඉතා කඩිනමින් සිය ඉල්ලීම ඉටු කර දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විදුහල්පති පූජ්‍ය ගිරිතලේ සුජාත ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාට සිය ස්තූතිය පළ කළා.
මැදිරිගිරිය වෙඩිකච්චිය ගම්මානයේ දී ජනපති ගම සමග පිළිසදර වැඩසටහන ඊයේ පැවැත්වුණා. හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ ක්‍රීඩාංගනය පිළිසකර කර දෙන ලෙස එහි විදුහල්පති පූජ්‍ය ගිරිතලේ සුජාත ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමා එම ඉල්ලීම යුද හමුදාවට යොමු කළ අතර පැය 24 ක් යාමටත් පෙර යුද හමුදාපතිවරයාගේ මැදිහත් වීමෙන් ක්‍රීඩාංගනයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.
හමුදා සාමාජිකයන් එහි ඉදිකිරීම් කටයුතු සදහා යොමු වී සිටින ආකාරය අද උදෑසන දැක ගැනීමට ලැබුණා. දිස්ත්‍රික්කයේ පාසල් රැසක දරුවන්ගේ ක්‍රීඩා කටයුතු සිදු කර ගෙන යාම සදහා මෙම ක්‍රීඩාංගනය භාවිත කෙරෙනවා. විද්‍යාලයේ අඩුපාඩුවක්ව පැවති පුස්තකාලය ඉදිකිරීම ද ආරම්භ කෙරුණු බවයි විදුහල්පති ස්වාමීන් වහන්සේ සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/nS5YZ7Yyo_U”]