අඩුම කාලයක් තුළදී වැඩිම දුරක් පිහිනූ ශ්රී ලංකික පිහිනුම් ක්රීඩකයා බවට අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්රීඩා සමාජයේ රශේන් ඩිල්ශාන් පත්වුණා. එම ක්රීඩා සමාජයේම හිරුණි මහේෂිකා අඩුම කාලයකදී වැඩිම දුරක් පිහිනූ ශ්රී ලාංකික පිහිනුම් ක්රීඩිකාව ලෙස වාර්තාවක් තැබුවා. අම්බලන්ගොඩ මාදම්පා ගගේ පැය 11 විනාඩි 2 යි තත්ත්පර 25 කදී කිලෝ මීටර් 40 ක් පිහිනමින් වාර්තාව හිමි කර ගැනීමට රශේන් ඩිල්ශාන් සමත් වුණා.
පැය 9 යි විනාඩි 58 යි තත්ත්පර 4 කදී කිලෝ මීටර් 32 ක් පිහිනමිනුයි හිරුණි මහේෂිකා නව වාර්තාව තැබුවේ. ශ්රී ලංකා ජල ක්රීඩා සංගමයේ පාලක හා තාක්ෂණ නිලධාරී කමිටුවේ සභාපති නිහාල් බමුණුආරච්චි මහතා ඇතුලු විනිසුරු මඩුල්ලක් හමුවේ පිහිනුම් තරගාවලිය මාදම්පා ගගේ දී පැවැත්වුණා. මෙම තරගාවලියට ක්රීඩක ක්රීඩිකාවන් දොලොස් දෙනෙකු එක්ව සිටියා. පෙරවරු 7 ට තරගය ආරම්භ කෙරුණු අතර පස්වරු 6.40 වනතුරු එය පැවැත්වුණා.