ලබන වසරේ මුල වනවිට මුළු රටම බ්රෝර්ඩ් බෑන්ඩ් තාක්ෂණයෙන් ආවරණය කරනවා
Related Articles
බ්රෝර්ඩ් බෑන්ඩ් තාක්ෂණයෙන් ලබන වසරේ මුල් කාර්තුව වනවිට මුළු රටම ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. එමගින් රටේ තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවට විසදුමක් සොයා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මැද දුම්බර වෙඩරුව වෙළ පහළ ප්‍රජා ශාලාව ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද දේශපාලන නියෝජිතයන් ද එක්ව සිටියා.