fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අසත්‍ය චෝදනා නගමින් පුද්ගලයින් සිරගත කිරීම ආණ්ඩුවේ අරමුණ නෙමෙයි – ඇමති චමල් කියයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2021 12:02

අසත්‍ය චෝදනා නගමින් පුද්ගලයින් සිරගත කිරීම ආණ්ඩුවේ අරමුණ නෙමෙයි – ඇමති චමල් කියයි

අසත්‍ය චෝදනා මත නඩු පවරමින් පුද්ගලයන් සිරගත කිරීම වත්මන් රජයේ අරමුණ නොවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකර සිව් වසරක් පිරීම නිමිත්තෙන් මාතර දිස්ත්‍රික් ආසන බල මණ්ඩලයේ මාතර වෙරල පාරේ පක්ෂ කාර්යාලයේ දී පැවති හමුවකදියි ඒ මහතා මේ බව කියා සිටියේ.

පසුගිය රජය සම‌ෙය් දී රටට හිමිවිය යුතු ආදායම් මාර්ග අවහිර කරමින් පාඩු සිදුකර සියලු අමාත්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම රැස්වීම පැවැත්වුණා. කතා නායක මහින්ද යාපා අබේවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක යන මහත්වරුන් ඇතුලු දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2021 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්