කෝවිඩ් 19 ආසාදිතයින් 715 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත්තා. පසුගිය සති කිහිපය තුළ වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වූයේ ඊයේ දිනයේයි.
ඊයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 715 දෙනෙකු දේශීයව හඳුනාගත් පුද්ගලයින්. වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 182 ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 152 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 75 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 52313ක්. ඉන් 7311 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර 44746 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.