නේපාල කඳු තරණය කරන්නන් පිරිසකගෙන් නව ලෝක වාර්තාවක්
Related Articles
ලොව දෙවෙනි උසම කන්ද තරණය කරමින් නව ලෝක වාර්තාවක් තැබීමට නේපාල ජාතික කදු තරණය කරන්නන් පිරිසක් සමත් වී තිබෙනවා.
නේපාල ජාතික කදු තරණය කරන්නන් දස දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් කේ ටූ නැමති මෙම කන්ද තරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඔවුන් අඩි විසි අට දහස් දෙසීය පනස් එකක් තරණය කර තිබෙනවා. කේ ටූ කන්ද එවරස්ට් කන්ද ට වඩා මීටර් දෙසීයක් පමණ උසින් අඩු වනවා. මෙම කදු තරණය කිරීම ඉතාම දුෂ්කර කාර්යයක් වන අතර පසුගිය සතියේදීත් ස්පාඥ්ඥ ජාතික කදු තරණය කරන්නෙකු ජීවිතක්ෂයට පත්වුණා.