ලෝක ආගම් දිනය සැමැරීම සදහා බහායි ජාතික මධ්‍යස්ථානය සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ 5 හැව්ලොප් පාරේ පිහිටි එම මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.
මෙම සැමරුම් උත්සවයට පෑලියගොඩ ගංගාරාම විහාරාධිපති ආචාර්ය වල්පොල විමලඥාන ස්වාමීන් වහන්සේ, ඒඩ්‍රියන් ආරොන් පියතුමා , ශ්‍රී වශ්‍රී වියතීෂ්වර කුරුක්කල්තුමා, අල්හාජ් ඒ එම් පීඩෝස් මව්ලවිතුමා ඇතුලු ආගමික නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ආගම් අතර සහයෝගීතාව සනිටුහන් කිරීමේ අරමුණින් මෙම උත්සවය සංවිධාන කිරීමට බහායි ජාතික මධ්‍යස්ථානය කටයුතු කර තිබුණා.