fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනාවට එරෙහි දැවැන්තම එන්නත් මෙහෙයුම ඇරඹේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2021 19:25

කොරෝනාවට එරෙහි දැවැන්තම එන්නත් මෙහෙයුම ඇරඹේ

ලොව විශාලතම කොරෝනා‌ එන්නත්කරණ වැඩසටහන ඉන්දියාවේ දී අද ආරම්භ වූයේ  අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන්.

පළමු එන්නත ලබාදුන්නේ  සාත්තුසේවයෙකුටයි. එන්නත්කරණ වැඩසටහනේ පළමු අදියර යටතේ කෝටියක සෞඛ්‍ය සේවකයින් සහ හදිසි අංශ ඉලක්ක වී තිබෙනවා. ඉන් අනතුරුව පොලිසිය ආරක්ෂක අංශ නගර සභා සේවකයින් සහ කොරෝනා වැඩපිළිවෙලේ ඉදිරියෙන් සිටින සේවකයින් වෙත එන්නත ලබා දීමට ඉන්දීය රජය සූදානමින් සිටිනවා. එම අදියර අවසන් කිරීමෙන් පසු වයස අවුරුදු 50 ඉක්මවූ පිරිස් සහ වයස අවුරුදු 50ට අඩු නමුත් අවදානම් සෞඛ්‍ය තත්ත්වයන් සහිත පිරිස් ඉලක්ක කෙරෙනවා.

මෙලෙස ලබන අගෝස්තු මාසය වන විට මිලියන 300ක පිරිසකට එන්නත ලබා දීම ඉන්දීය රජයේ අපේක්ෂාවයි. ලක්ෂ 6 ඉක්මවූ පුහුණු නිලධාරීන් පිරිසක් එන්නත්කරණ වැඩසටහන සදහා යොදවා තිබෙනවා.

දින විසිඅටක පරතරයක් යටතේ එන්නත් මාත්‍රා දෙකක් සෑම පුද්ගලයෙකුටම ලබා දීමට නියමිතයි.

කොවැක්සීන් එන්නතේ ආරක්ෂාව සම්බන්ධයෙන් රටතුලම සංවාදයක් ගොඩනැගී ඇති පසුබිමක එය නොතකා සිය එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට ඉන්දියාව පියවර ගැනීම විශේෂත්වයක් වුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2021 19:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්