සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකකට් තරගයේ තුන්වන දිනය නිමාවනවිට දෙවන ඉණිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු එකසිය පනස් හයක් රැස්කර ගැනීමට සමත්වුණා.
ඊයේ (15) දිනය නිමාවනවිට පළමු ඉණිම සදහා කඩුලු හතරක් දැවී ලකුණු තුන්සිය විස්සක් ලබාසිටි එංගලන්ත කණ්ඩායම අද (16) දිනයේ දී ලකුණු 421 ට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා. එංගලන්ත පිළි වෙනුවෙන් විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ජෝයි රූට් ලකුණු 228 ක් රැස්කළා.
පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා ලකුණු 109 ට කඩුලු 4ක් බිදහෙළු අතර ලසිත් ඇඹුල්දෙණිය එංගලන්ත පිලේ කඩුලු 3 ක් දවාගත්තා.
ඒ අනුව ලකුණු 286 ක් පිටුපසින් සිට දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිනය නිමාවනවිට කඩුලු 2 ක් දැවී ලකුණු 156 ක් රැස්කළා.
ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගුවා. කුසල් ජනිත් පෙරේරා දැවීගියේ දැවී ගියේ ලකුණු 62 ක් ලබාසිටියදීයි.
පසුගිය ටෙස්ට් ඉණිම් 4 ටම ලකුණු ලබාගැනීමට නොහැකිවූ මෙම ඉණිමේදී පන්දු 65 කට මුහුණදී ලකුණු 15 ක් ලබාගැනීමට සමත්වුණා.
නොදැවී පන්දුවට පහරදෙන ලහිරු තිරිමාන්න ලකුණු 76 යි.
ඒ අනුව ඉණිමක පරාජයෙන් බේරීම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තවත් ලකුණු 130 ක් රැස්කළ යුතු වෙනවා.