කොරෝනා නීති රෙගුලාසි දැඩි කිරීමට චීනය තීරණය කර තිබෙනවා.
එළඹෙන අලුත් අවුරුදු උත්සව සමයේදී සංචාරවල නිරත වීමෙන් වළකින ලෙසයි චීන රජය එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒ මාස 10 කට පසුව චීනයෙන් වාර්තාගත ලෙස දෛනික කොරෝනා ආසාදිත පිරිසක් වාර්තා වීමත් සමගින්.
ඊයේ දිනයේදී චීනයෙන් කොරෝනා ආසාදිතයින් 144 දෙනෙකු හදුනාගෙන තිබුණා. වයිරස් ව්‍යාප්තිය හමුවේ චීනයේ මිලියන 25 ක පමණ ජනතාවක් මේ වන විටත් හුදෙකලා කර තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ නගරයේ සිටින වැසියන් ගම්බිම් බලා සංචාරය කිරීමෙන් වළකින ලෙස චීන බලධාරීන් ඉල්ලා සිටිනවා.