හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය ලබන 17 වනදා ඇරඹෙයි
Related Articles
හම්බන්තොට ෆුට්බෝල් ලීග් විස්සයි විසිඑක තරගාවලිය ලබන 17 වනදා ආරම්භ වනවා. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ප්‍රථමවරටයි.
මෙම පාපන්දු ලීග් තරගාවලිය සදහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දක්ෂතම කණ්ඩායම් පහක් තරග වදිනවා. තංගල්ල ලා ටැංගෝලියන්ස්, බෙලිඅත්ත පාපන්දු ක්‍රීඩා සමාජය, අම්බලන්තොට පාපන්දු ක්‍රීඩා සමාජය, හම්බන්තොට වයිට් ටයිගර්ස් සහ කිරින්ද තරුණ ක්‍රීඩා සමාජය එම කණ්ඩායම්.
තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී ලබන 17 වනදා පස්වරු 3 ට ආරම්භවන තරගය එහිදී මෙන්ම බෙලිඅත්ත ඩී ඒ රාජපක්ෂ ක්රීඩාගනයේදී සහ හම්බන්තොට නගර සභා ක්‍රීඩාංගනයේදී මාස එකහමාරක් පුරා පැවැත්වෙනවා.
අවසන් මහා තරගය පෙබරවාරි 28 වනදා පැවැත්වෙන බවයි ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. ඉදිරියේ දී දිස්ත්‍රික් 25 පුරාම මෙවැනි තරගාවලි සංවිධානකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා.