ශි‍්‍ර ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන් වන දිනය අද
Related Articles
ශි‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන් වන දිනය අදයි.
සිය පළමු ඉනිම කි‍්‍රඩා කරමින් සිටින එංගලන්තය මේ වන විට ලකුණු 185 ක් ඉදිරියෙන් සිටිනවා. කඩුලු හතරක් බිඳ වැටී ඔවුන් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 320 ක්. නොදැවී කි‍්‍රඩා කරන ජෝ රූට් ලකුනු 168 යි. ඩෑන් ලෝරන්ස් ලකුණු 73ක් රැස් කරගත්තා.
පන්දු යැවීමේදී කඩුලු තුනක් දවා ගැනීමට ලසිත් ඇඹුල්දෙණියට හැකිවුණා. දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලයි.
කාසියේ වාසිය දිනූ ශි‍්‍ර ලංකාවයි පළමුවෙන් පන්දුවට පහර දුන්නේ. සියලු දෙනා දැවී පළමු ඉනිම සදහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 135 ක් .
තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී.