fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුවන්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණේ ඉදිකිරීම් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2021 19:37

රුවන්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණේ ඉදිකිරීම් ඇරඹෙයි

රුවන්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණේ ඉදිකිරීම් අද (15)  ආරම්භ කෙරුණා.

රත්නපුර දෙමුවාවත ප්‍රදේශයේයි මෙම මැණික් කුළුණ ඉදි කෙරෙන්නේ. ඒ අදියර දෙකක් යටතේ. පළමු අදියරේ ඉදි කිරීමට යෝජිත පස් මහල් ගොඩනැගිල්ල සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 365 ක්. දෙවන අදියරේ තට්ටු 14 කින් සමන්විත ගොඩනැගිල්ල සදහා රුපියල් මිලියන 4500 ක් වැය කිරීමට අපේක්ෂිතයි.

මෙම පරිශ්‍රයෙහි වෙළද කුටි,  බැංකු,  කාර්යාල,  ආපනශාලා  ආදිය ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි,  විමල් වීරවංශ,  රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ යන මහත්ම මහත්මීන්ගේ  ප්‍රධානත්නවයෙනුයි මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ. තවත් මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2021 19:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්