2010 / 2014 කාලයේදී රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදුකළේ යැයි එවකට සතොස භාරව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුව ගොනුකර ඇති ආකාරය නීතියට පටහැනියි බවට අධිකරණය අද තීන්දුවක් දුන්නා.
අදාළ කාලයේදී සතොස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරීවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් මේ පාඩුව සිද්ධකළ බවට යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම මේ නඩුව ගොනු කර තිබුණා.
මේ නඩුව ගොනු කිරීමේ දී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන්දෙනා ලබාදුන්නු ලිඛිත අනුමැතිය එම කොමිසම අධිකරණය හමුවේ ගොනුකර නැති නිසා එය විභාග කිරීමට අධිකරණයට බලයක් නැති බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරුන් සදහන් කළේ.
මෙම නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීන්දු කළේ නඩුව ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවයි.
මේ පිළිබද වැඩිදුර කටයුතු කිරීම සදහා නඩු තීන්දුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙසත් නියෝග කළා.