අද උදෑසන වනවිට කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් හයසිය හැත්තෑ දෙනෙකු මෙරටින් හදුනාගත් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
එම පුද්ගලයන් සියලු දෙනා දේශීයව හදුනාගත් අය වනවා. හදුනාගත් ආසාදිතයන් අතුරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයට අයත්. එම පිරිස 214 ක් වනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 116 දෙනෙකු, මහනුවරින් 90 දෙනෙකු මෙන්ම අනෙක් දිස්ත්‍රික්කවලින් 250 දෙනෙකු හදුනා ගැණුනා.
කොරෝනා රෝගීන් පනස් දහස් අටසිය අනූ නව දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. මේ අතුරින් හතලිස් තුන් දහස් හත්සිය හතලිස් හත් දෙනෙකු සුවය ලැබුවා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස හයදස් නවසිය එකක් වනවා. පුද්ගලයන් හත්සිය හතලිස් එක් දෙනෙකු රෝහල්වල විමර්ශන යටතේ පසුවනවා.
ජනගහනය මිලියනයකට වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව සැලකීමේ දී ශ්‍රී ලංකාවේ රෝගීන් ගණන 2304 ක්. ඉන්දියාවේ එම සංඛ්‍යාව 7573 ක් වන අතර සිංගප්පූරුවේ 10062 ක් වනවා.
කොරෝනා රෝගීන් සුවවීමේ ප්‍රතිශතය දෙස බැලීමේදී ද ශ්‍රී ලංකාව සැලකිය යුතු මට්ටමක පසුවනවා. ප්‍රතිශතයක් ලෙස එය සියයට අසූ පහයි දශම නවයයි පහක්. එම ප්‍රතිශතය ඉහළම අගයක් ඇති රාජ්‍ය වන්නේ ඉන්දියාවයි. එම ප්‍රතිශතය සියයට අනූ හයය දශම පහයි දෙකක් වනවා. බ්‍රසීලයේ සියයට අසූ අටයි දශම එකයි පහක්. සුවවීමේ ප්‍රතිශතය රුසියාවේ සියයට අසූ දෙකයි දශම හතරයි හතරක් වන අතර ඇමරිකාවේ සියයට පනස් නවයයි දශම එකයි හතක් ලෙසයි දැක්වෙන්නේ. බ්‍රිතාන්‍යයේ මෙම ප්‍රතිශතය සියයට හතලිස් තුනයි දශම එකයි හයක් වනවා.