fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුසල් මෙන්ඩිස් පිට පිට 4 වරටත් බිංදුවට දැවීයයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2021 12:16

කුසල් මෙන්ඩිස් පිට පිට 4 වරටත් බිංදුවට දැවීයයි

ශ්‍රී ලංකා එංගලන්තය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (14) ආරම්භ වුණා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03 දැවී ලකුණු 65ක් ලබා සිටිනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සාර්ථක ආරම්භයක් ලබාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ආරම්භක පිතිකරු යුගලය වූ ලහිරු තිරිමාන්න හා කුසල් ජනිත් පෙරේරා පිළිවෙළින් ලකුණු හතරකට හා විස්සකට ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා.

කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පසුබෑමට ලක් වුණා.

පන්දු යැවීමේදී ස්ටුවඩ් බෝඩ් ලකුණු 14 කට කඩුලු දෙකක් සහ ඩොට් වේස් එක් කඩුල්ලක් බැගින් බිද හෙලුවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2021 12:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්