ඉන්දීය සාගරයේ මත්ස්‍ය සම්පත නෙලාගැනීමේදී අපේ රටේ ධීවරයින්ට මෙන්ම මාලදිවයින් ධීවරයින්ටත් ගැටලු පැන නැගී තිබෙනවා. ඒවාට විසදුම් සෙවීම ගැන සාකච්ඡාවක් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඔමාර් අබ්දුල් රසාක් හා අමාත්‍ය ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් අතරයි මෙම සාකච්ඡාව පැවැත්වුණේ. ඉන්දීය සාගරයේ ධීවර කටයුතු සිදු කිරීමේදී ශ්‍රී ලංකාව හා මාලදිවයින මුහුණ දෙන ගැටලු පිළිබදව මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. ඉන්දීය සාගර රටවල් අතර සාකච්ඡාවක් සංවිධාන කිරීමෙන් ගැටලු සාකච්ඡා කිරීමට පොදු යාන්ත්‍රණයක් සකස් කර ගත හැකි බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මෙහිදී සදහන් කළා.