ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව ඔහුට එරෙහිව සෙනට් මණ්ඩලයේ විභාගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා සෙනට් සභාවේ 2/3කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත යුතු වනවා. කෙසේ නමුත් ඩිමොක්රටික් පාක්ෂිකයෙකු වන ජෝ බයිඩන් ලබන සතියේ නව ඇමෙරිකා ජනාධිපතිවරයා ලෙස පත්වන තෙක් සෙනට් සභාවේ ඔහුට එරෙහි නඩු විභාගය සිදුවන්නේ නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ඉතිහාසයේ දෙවරක් දෝෂාභියෝගයකට ලක්වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ඇමෙරිකා දේශපාලන ඉතිහාසයට එක්වී ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.
මේ අතර මේ මස 20 වන දින ජෝ බයිඩන් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන සමාරම්භක උත්සවයට පෙර ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක සන්නද්ධ විරෝධතා සංවිධාන කර ඇති බවට ද FBI සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.