පිළිකාවට එරෙහි බෙහෙතක් ශ්‍රී ලංකාවේදීම නිපදවීමට අදාළ ගිවිසුමට අද අත්සන් තැබුවා. ලක්ෂ සංඛ්‍යාත පිළිකා රෝගීන්ට මෙමගින් සැලසෙන සෙත ඉමහත්.
පිළිකාවක් මූලික අවස්ථාවේදීම හදුනා ගැනීමට සිදු කරන ක්‍රමවේදයට අදාළව පී ඩී ජී ඖෂධය ශ්‍රී ලංකාවේම නිපදවීමයි අරමුණ. මේ සදහා වන ගිවිසුමට අත්සන් තැබුණේ පරමාණුක බලශක්ති මණ්ඩලය, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලය සහ වෛද්‍ය සැපයුම් අංශය අතරයි.
මෙම ඖෂධය ශ්‍රී ලංකාව තුළ නිපදවීම තුළින් එක් රෝගියෙකු සදහා රුපියල් දාහතර දහසක් වැනි අවම පිරිවැයකට එය ලබාදිය හැකි වනවා. රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/OgLXqUZfQNo”]