ශ්රී ලංකාවට රුපියල් බිලියන 8.26ක ආධාර ලබා දීමට යුරෝපා සංගමය එකඟ වෙයි
Related Articles
යුරෝපා සංගමය ශ්රී ලංකාවට රුපියල් බිලියන 8.26ක ආධාර පිරිණැමීමට එකඟ වෙයි. ඒ අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම,ආහාර සුරක්ෂිතතාව හා දේශගුණික විපර්යාස වළක්වාගැනීම සදහායි.
යුරෝපා සංගමය මගින් යුරෝ මිලියන 35.75ක් එනම් රුපියල් බිලියන 8.26 ක ආධාර මුදල් පිරිනැමීම සදහා වන ගිවිසුම් තුනකට අත්සන් තැබුණා. භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල මහතා සහ මෙරට යුරෝපා සංගම් දූත මණ්ඩල තානාපති ඩෙනිෂ් ෂයිබි යන මහත්වරුන් ඊට එක්වුණා. යුරෝපා සංගමය ශ්රී ලංකාවට දක්වන සහයෝගීතාව දැඩි මිත්රශීලී සබදතාව හා සහාය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා මෙහිදී කෘතඥතාව පළකලා.
මෙම ගිවිසුම් 3 හරහා ලැබෙන මුදල් ක්ෂේත්ර තුනක් සදහා වැය කෙරෙනවා. අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ වැඩසටහනට යුරෝ මිලියන 18 ක් ඒනම් රුපියල් බිලියන 4.16ක් වෙන් කෙරෙනවා. හරිතාගාර වායු විමෝචනය කිරීම සදහා වෙන් කෙරෙන මුදල යුරෝ මිලියන 7.75 ක්. ඒනම් රුපියල් බිලියන 1.79 ක්. ආහාර සුරක්ෂිතතාව හා කාබනික කෘෂිකර්මාන්තය දියුණු කිරීම සදහා යුරෝ මිලිනය 10ක් එනම් රුපියල් බිලියන 2.31 ක් වැය කිරීමට අපේක්ෂිතයි. ආහාර සුරක්ෂිතතාව දියුණුකිරීමටත්, උසස් තත්ත්වයේ භාණ්ඩ නිපදවීමේ ශ්රී ලංකා රජයේ වැඩපිළිවෙලටත් එය විශාල ශක්තියක් වන බව ද එස් ආර් ආටිගල මහතා මෙහිදී සදහන් කළා.