ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධුරයට නුසුදුසු ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් ඇමෙරිකා කතානායක නැන්සි පෙලෝසි ඇතුළු ඩිමොක්රටික් පාක්ෂිකයන් උප ජනාධිපති මයික් පෙන්ස්ට යෝජනාවක් සිදු කරයි.
ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයෙන් ඉවත් කිරිම සදහා වන යෝජනාවට සහාය ලබා දීමටයි. මයික් පෙන්ස් ජනපති බලතල පවරා ගැනීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට ධූරයෙන් ඉවත් වීමට සිදු වෙතැයි නැන්සි පෙලෝසි සදහන් කළේ. ඩිමොක්‍රොටික් පක්ෂ සභිකයින් වගේම ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් සභිකයින් කිහිප දෙනෙකුත් අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී ට්‍රම්ප්ට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුනා. කෙසේ වෙතත් 25 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් කිරීමට තමන් සහාය නොදෙන බව උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශ කලා. ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයෙන් රටේ ජනතාවටවත්, දැනටමත් තේරී පත් වී සිටින ඩිමොක්රටික් ජනාධිපතිවරයාටවත්, ව්‍යවස්ථාවටවත් ඉන් කිසිදු යහපතක් සිදු නොවන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
දෝෂාභියෝගය සදහා වන විවාදය සහ ඡන්ද විමසීම තවත් ටික වේලාවකින් ආරම්භ වෙනවා. ඩිමොක්‍රොටික් පාක්ෂිකයන්ට පැයක් සහ රිපබ්ලිකන් පාක්ෂිකයන්ට පැයක් විදියට පැය දෙකක් ඔවුන්ට විවාද කිරීමට අවස්ථාව දී තිබෙනවා. මාස 13ක් ඇතුළත ට්‍රම්ප්ට එරෙහිව ඒල්ලවන දෙවන දෝශාභියෝගය මෙයයි. ඇමෙරිකාවේ කැපිටල් ගෙඩනැගිල්ලට ඇතුළු වෙලා කලහකාරී ලෙස හැසිරුණු පිරිස උසිගන්වමින් කටයුතු කළ බවටයි ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙන්නේ.