2021 ගුවන් හමුදාපති කුසලාන වාර්ෂික ගොල්ෆ් තරගාවලිය ලබන 22 වනදා ඇරඹෙයි
Related Articles
2021 ගුවන් හමුදාපති කුසලාන කාන්තා සහ පිරිම් වාර්ෂික ගොල්ෆ් තරගාවලිය ලබන 22 වනදා සිට 24 වනදා දක්වා පැවැත්වෙනවා.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීම මත ගුවන් හමුදාව තරගාවලිය සංවිධාන කරන්නේ 08 වන වරටයි. ත්රිකුණාමලය වරායට සමීප චීන වරාය ඊගල්ස් ගොල්ෆ් පිටියේ පැවැත්වෙන තරගාවලියට දෙස් විදෙස් ක්රීඩක ක්රීඩිකාවන් සිය දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වනවා. ගුවන් හමුදාපති කුසලාසයට අමතරව කාන්තා සහ පිරිමි කාණ්ඩයන්ට අයත්ව දක්ෂතම ත්රිවිද හමුදා සේවා ක්රීඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහා ද තරගවැදීමට නියමිතයි. මෙම තරගාවලිය සංවිධාන කිරීම සඳහා ඊගල්ස් ගොල්ෆ් ලින්ක් සංවිධානය ද සහාය ලබා දෙනවා.