ඇමෙරිකා මධ්‍යම රජයේ මරණ දඬුවම් ලැයිස්තුවේ සිටි එකම කාන්තාවට මරණ දඬුවම
Related Articles
ඇමෙරිකා මධ්‍යම රජයේ මරණ දඩුවම් ලැයිස්තුවේ සිටි එකම කාන්තාවට එම දඩුවම ලබා දී තිබෙනවා.
ලීසා මොන්ට්ගෝමරී නමැති මෙම කාන්තාව වරදකරු වූයේ 2004 වසරේ දී ගැබිණි කාන්තාවක් ඝාතනය කර ඇගේ දරුවා පැහැර ගැනීමේ චෝදනාව සම්බන්ධයෙනුයි. වසර 67ක ඇමෙරිකා මධ්‍යම රජයේ ඉතිහාසය තුළ මරණ දඩුවම නියම වූ පළමු කාන්තාව ඇයයි. 52 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාවට විෂ එන්නතක් ලබා දී ඇමෙරිකා වේලාවෙන් අලුයම 1.30ට මරණ දඩුවම ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මීට පෙර අවස්ථා දෙකකදී ඇයට මරණ දඩුවම ලබා දීම ප්‍රමාද කෙරුණා. මෙම කාන්තාව මානසික ආබාධයකින් පෙළීම හේතුවෙන් මරණ දඩුවම ලබා නොදෙන ලෙස ඇයගේ ඥාතීන් ඉල්ලා තිබුණා.