fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අජිත් ප්‍රසන්නට ඇප

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 14:44

අජිත් ප්‍රසන්නට ඇප

විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප මත මුදා හැරුණා.

මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

අජිත් ප්‍රසන්න මහතා මුදා හැරුණේ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද ඔහුට නියෝග කෙරුණා. තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය පිළිබද විමර්ශනයට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි අජිත් ප්‍රසන්න මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 14:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්