fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාපයේ තනතුරු වෙනස් වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 12:46

එජාපයේ තනතුරු වෙනස් වෙයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වුණා. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදීයී. සභාපති, මහලේකම් සහ ජ්‍යෙෂ්ඨ උපසභාපති යන තනතුරු පුරප්පාඩුව පැවති අතර ඒ සදහා නියෝජිතයින් පත්කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  ප්‍රධාන කාර්ය වුණා.

එහෙත් කෘත්‍යාධිකාරී මණ්ඩලය අද උදෑසන රැස්වීමට පෙර රවී කරුණානායක මහතා තමන්ට උප සභාපති ධුරයේ කටයුතු කළ නොහැකි බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු තනතුරක් ලෙස සළකා උප සභාපති ධුරය සදහා නව නියෝජිතයකු පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කළා.

පක්ෂ මහලේකම් ධුරය සදහා පාලිත රංගේ බණ්ඩාර මහතා පත්කෙරුණා. උපනායක ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත් කෙරුණු අතර සභාපති ලෙස පත් කෙරුණේ වජිර අබේවර්ධන මහතායි. නියෝජ්‍ය මහලේකම් ලෙස පත් කෙරුණේ නාලක කොලොන්නේ මහතායි.

ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස අර්ජුන රණතුංග සහ ඩී.එම්.ස්වාමිනාදන් යන මහත්වරුන් පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකගත්වය පල කළා. සාගල රත්නායක, දයා ගමගේ සහ සුනේත්‍රා රණසිංහ යන මහත්ම මහත්මීන් උපසභාපති ධුර සදහා පත් කෙරුණා. නීති ලේකම් ලෙස පත්කෙරුණේ නිශ්ශංක නානායක්කාර මහතායි.

එමෙන්ම නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක නවීන් දිසානායක, භාණ්ඩාගාරික නීතිඥ ඒ.එස්.එම් මිස්බා මහත්වරුන් එම ධුරවලම කටයුතු කරනු ඇති.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 12:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්