අඩු බර සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන වෙළෙදුන් සොයා අඛණ්ඩව වැටලීම් සිදු කරන බව කොළඹ දිසා ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.කොළඹ දිස්ත්‍රික් මිනුම් ඒකක හා ප්‍රමිති සේවා අංශය හරහා මෙය සිදු කෙරෙන බවයි ඒ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.
ජනතාවට ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ ලබාගැනීම සහතික කිරීම මිනුම් ඒකක හා ප්‍රමිති සේවා අංශයේ අරමුණයි. කොරෝනා සමයේ වුවද මේ සම්බන්ධ වැටලීම් අඛණ්ඩව සිදු කෙරෙනවා. පසුගිය දින කිහිපය තුළ අඩුබර පාන් නිෂ්පාදනය කළ ආයතන 25 කට නඩු පවරා තිබෙනවා. ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිත කළ 18 දෙනෙකුට නඩු පවරා ඇති අතර මුද්‍රා නොතැබූ ඉන්ධන පොම්ප සම්බන්ධයෙන් ද වැටලීම් සිදු කළ බවයි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණේ. කොළඹ දිස්ත්‍රික්කය තුළ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශවල නිසි ප්‍රමිතියෙන් යුතු තරාදි තැබීමට නියමිතයි. එවිට ජනතාවට තමන් මිලදී ගත් භාණ්ඩවල නියමිත බර තිබේදැයි පරික්ෂා කර ගත හැකි බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/70axg-gn8w8″]