fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩකලපුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 11:45

මඩකලපුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

අධික වර්ෂාවත් සමඟ මඩකලපුව දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

වෙත්තුචේන ගම්මානයේ ජලගැලීම් හේතුවෙන් පවුල් 89 ක 267 දෙනෙකු අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ.

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව පිලිබද සොයා බැලීමට ගිය ප්‍රදේශයේ ග්‍රාමනිලධාරීවරයා ද ජලයේ ගසාගෙන යද්දී ගසක අත්තක එල්ලීමෙන් ජීවිතය බේරාගෙන තිබෙනවා. එහෙත් තමන්ගේ ජංගම දුරකත දෙකක් බැංකු කාඩ්පත් ඇතුළු ලියකියවිලි ජලයේ ගසාගෙන ගිය බවයි ඔහු පවසන්නේ.

අවතැන් ජනතාවට පිසූ ආහාර ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්