fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 11:05

පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට අද (13) නිදහස හිමිවුණා.

ඔහුට එරෙහි නඩුව තවදුරටත් පවත්වාගෙන  යාමට අදහස් නොකරන බවට නීතිපතිවරයා පසුගියදා කළ දැනුම්දීමට අනුව තීන්දුව ප්‍රකාශයට පත් කරමිනුයි මඩකලපුව මහාධිකරණය ඔහු ඇතුළු 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කළේ.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙනුයි  සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු 05 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ. 2005 වසරේ මඩකලපුව ශාන්තමේරි දෙවස්ථානයේදී වෙඩි තැබීමකින් පරරාජසිංහම් මහතා ඝාතනයට ලක්ව තිබුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් වසර 04 ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් කෙරුණේ පසුගිය වසරේ ජනවාරි 24 වනදායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට එරෙහිව මඩකලපුව මහාධිකරණයේ විභාග වන නඩුව තවදුරටත්  පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධි නීතිඥ මාධව තෙන්නකෝන්  මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෙරේදා දිනයේදීයී.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2021 11:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්