සෞඛ්‍යට මුල්තැන දී නිරෝධායන නීතිය රකිමින් තෛපොංගල් සමරන්න – හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලීමක්
Related Articles
හෙටට යෙදෙන තෛපොංගල් උත්සවය ද පවුලේ අයට පමණක් සීමා කරගනිමින් සෞඛ්‍ය උපදෙස්වලට ගරුකරමින් සමරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.
හුදෙකලා බවින් නිදහස් කළ කොළඹ ඇතැම් ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීති අනුගමනය නොකරන බව පෙනී ගොස් තිබෙනවා. ඒ සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සිදු කළ නිරීක්ෂණවලදීයී. සෞඛ්‍ය උපදෙස් කඩකළහොත් එම ප්‍රදේශ නැවත හුදෙකලා කිරීමට සිදු වන බවයි පොලීසිය අවධාරණය කරන්නේ.
බස්නාහිර පළාතේ මුහුණු ආවරණ පැළද නොසිටි 2471 දෙනෙකුට සිදු කළ රැපිඩ් පරික්ෂණවලින් ආසාදිතයින් 47 දෙනෙකු සහ සමීප ආශ්‍රිතයින් 400 ක් හඳුනාගෙන තිබෙනවා. බස්නාහිරින් පිටතට යන ස්ථාන 11 කදී අද සිට යළිත් වරක් අහඹු රැපිඩ් පරික්ෂණ සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ.