බෝයිං සමාගම රැකියා දහස් ගණනක් කප්පාදු කර ඇතැයි විදෙස් වාර්තා පවසනවා. ඒ ගුවන් යානා නිෂ්පාදනය පහල යාමත් සමඟ.
බෝයිං 37 මැක්ස් වර්ගයේ යානා කිහිපයක් පසුගිය කාල සීමාවේදි අනතුරට ලක්වුණා. ඒ සමඟ ගුවන් යානා නිෂ්පාදනය බිඳවැටුණු බවයි එම සමාගම පෙන්වා දෙන්නේ. පසුව ඇතිවු කොරෝනා වසංගතය සමඟ ගුවන් ගමන් අඩාල වී තිබෙනවා.
ගුවන් යානා නිෂ්පාදනය බිඳවැටීමට එම තත්ත්වය ද බලපා ඇති බවයි වාර්තා වන්නේ.
2019 වසරේ දි බෝයිං සමාගම නව ගුවන් යානා 380ක් නිෂ්පාදනය කර ඇති අතර එය පසුගිය වසරේ දි 157 දක්වා පහල බැස තිබෙනවා.