පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පීසීආර් පරික්ෂණවලට ලක් කිරීම අද ආරම්භ කෙරුණා.
අද දිනය තුළදී පමණක් මන්ත්‍රීවරුන් මෙන්ම කාර්ය මණ්ඩලය 463 දෙනෙකු පරික්ෂණ සදහා සහභාගී වූ බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ මැතිඇමතිවරුන් 15 දෙනෙකු ද PCR පරික්ෂණවලට ලක්ව තිබෙනවා. ලබන සිකුරාදා උදෑසන 09 සිට පස්වරු 12 දක්වා ද පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී පිසීආර් පරික්ෂණ සිදු කෙරෙනවා.
මේ අතර ලබන 19 වනදා සිට ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ රැස්වීම්වල කටයුතු තීරණය කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිලිබද කාරක සභාව අද රැස්වීමට නියමිතව තිබුණා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් මත එම රැස්වීම ලබන සදුදා පැවැත්වීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළේ.