රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් හා අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ට කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් අනතුරුව එම මැති ඇමතිවරුන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කර තිබෙනවා. මේ වන විටත් ආශ්‍රිතයන් 40 දෙනෙකු පමණ හදුනාගෙන අවසන් බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සදහන් කළේ.
මේ අතර පාර්ලිමේන්තු කාරක සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන අතර පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබද හෙට තීරණය කෙරෙනු ඇති.
හෙට සහ ලබන 15 යන දිනවල ද පී සී ආර් පරික්ෂණ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරන බැවින් ඒ සදහා සහභාගි වන ලෙස කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.